ඔබේ සමට හරියටම ගැලපෙන ෆේස් වොෂ් එක තෝරා ගන්නේ කොහොමද?

ඔබේ මුහුණේ සම ඔබේ සුන්දරත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක්. ඉතින් ඔබේ මුහුණ පිරිසිඳු කර ගැනීමට ෆේස් වොෂ් එකක් තෝරා ගැනීමේදී ඔබ ඉතා කල්පනාකාරීව ක්‍රියා කල යුතු වෙනවා.  අපි එකිනෙකාගේ සමේ ස්වභාවය එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඉතින් ඔබ ඔබේ මිතුරියන් පාවිච්චි කරන පලියට ඒ ෆේස් වොෂ් එකම මිලට අරගෙන භාවිතා කලාට වැඩක් වෙන්නේ නැහැ. ඔබේ සමේ ඇති ගැටළු හරියටම හඳුනා ගෙන එයට ගැලපෙන විදිහට ෆේස් වොෂ් එකක් තෝරා ගන්නා ආකාරය තමයි අද අපි කියා දෙන්න හදන්නේ.
 
කුරුලෑ සහිත සමට 
තරුණ වියට පා තැබීමත් එක්ක සිදු වන දෙයක් තමයි මුහුණේ කුරුලෑ ඇති වීම. සමහරුන්ගේ මුහුණේ කුරුලෑ ඇති වෙන්නේ පොඩ්ඩයි. හැබැයි සමහරුන්ගේ මුහුණේ නම් අධික වශයෙන් කුරුලෑ ඇති වෙනවා. මේ අයගේ සමේ අධික තෙල් ස්වභාවයක් දකින්න පුළුවන්. තෙල් ස්වභාවය නිසාම දිලිසෙන සුළු ගතියක් මේ සමේ තියෙනවා. තෙල් සහිත සමේ ඇති සිදුරු සාපේක්ෂව විශාල වන අතර ඒවායින් මේදය වැඩිපුර ගලා එනවා. මේ නිසාම අවට පරිසරයේ ඇති කුණු සහ දුවිලි ඉක්මනින් ඇලෙනවා. එහි බැක්ටීරියා වර්ග වර්ධනය වෙනවා. ඉතින් ඔබට තේරෙනවා ඇති සාමාන්‍ය ෆේස් වොෂ් එකක් කුරුලෑ සහිත සමට භාවිතා කරලා හරි යන්නේ නැහැ කියලා.
අපි කැමතියි ඔබට සේරි නිවසින් හඳුන්වා දීලා තියෙන ලෙමන් ග්‍රාස් ෆේස් වොෂ් එක නිර්දේශ කරන්න.
පැඟිරි කුලයේ ශාක වල අඩංගු වෙන සිට්‍රොනෙල්ලා තෙල් ලෙමන් ග්‍රාස් තුලත් යහමින් අඩංගු වෙනවා. 
සමේ ඇති වන ක්ෂුද්‍ර ජීවින් විනාශ කිරීමේ සහ වර්ධනය පාලනය කිරීමේ මනා හැකියාවක් මේ ෆේස් වොෂ් එකේ තියෙනවා. පැඟිරි කුලයේ ශාක වල පවතින දැඩි ආම්ලිකතාවය මේ ශාකය තුල අඩංගු නොවන නිසා සමට ඉතා හිතකරයි. සමේ තෙල් මට්ටම පාලනය කර, බැක්ටීරියා විනාශ කර, කුරුලෑ වලින් තොර සුන්දර වතක් ඔබට ලබා දෙන්නට සමත් වෙනවා.
 
ලප කැළැල් සහිත සමට 
තරුණ වයසේ  හෝමෝන වල ඇති වන වෙනස්කම් එක්ක මුහුණේ ඇති වන කුරුලෑ බැහැලා යන්නේ ලප කැළැල් ගොඩක් මුහුණේ ඉතුරු කරලා. ඒ වගේම වෙනත් සරම්ප වැනි රෝගී තත්වයන් වැළඳීමත්, හිරු එලියට නිරාවරණය වීමත් සමේ තද ලප ඇති කරන්නට සමත් වෙනවා. මෙය ඔබේ සුන්දරත්වයට සෘජුවම බලපෑම් එල්ල කරනවා.
ලප කැළැල් සහිත සමකට ගැලපෙන හොඳම ෆේස් වොෂ් එක විදිහට අපි නිර්දේශ කරන්නේ සේරි නිවසින් හඳුන්වා දීපු Red Sandalwood ෆේස් වොෂ් එකයි.
ස්වභාවික රත් හඳුන් වල සාරය සහ සියලු ගුණ එකට කැටි කරලා නිෂ්පාදනය කරලා තියෙන මේ ෆේස් වොෂ් එක භාවිතා කිරීමෙන් ඔබේ මුහුණේ ඇති ලප කැළැල් නැත්තටම නැති කරලා දාන්න පුළුවන්. 
 
අඳුරු පැහැ සමට 
සමේ පැහැපත් පෙනුම හැම කෙනෙකුගේම සිහිනයක්. නමුත් විවිධ හේතු නිසා සමහරුන්ගේ සමේ අඳුරු පෙනුමක් තමයි තියෙන්නේ. මේකට විසඳුම විදිහට සමහරු තෝරා ගන්නේ සමට විෂ බ්ලීචින්ග් ප්‍රතිකර්මයි. නමුත් එයින් දැඩි අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. 
සමේ අඳුරු පෙනුම නැති කර, පැහැපත් දීප්තිමක් බවක් ලබා දීමට සමත් වෙන ෆේස් වොෂ් එකක් තමයි සේරි සැෆ්රන් ෆේස් වොෂ් කියන්නේ.
 
වියපත් වෙමින් පවතින සම 
 
තරුණ විය කෙමෙන් කෙමෙන් ගෙවිලා යද්දී සම වියපත් වෙන්න පටන් ගන්නවා. 
ඔබ වයස්ගත වෙද්දී මෙතෙක් කාලයක් ඔබේ සමේ සවිමත් බව රැක ගත්තු, සමේ ඇදෙන සුළු බව සහ නම්‍යතාවය ආරක්ෂා කර දුන් ප්‍රෝටීනය වන කොලජන් තට්ටුව බිඳ වැටෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස සම රැළි වැටීමට සහ එල්ලා වැටීමට පටන් ගන්නවා.
වියපත් සමට නැවත තරුණ පෙනුමක් ලබා දීම සඳහා අපි නිර්දේශ කරන්නේ සේරි ග්‍රීන් ටී ෆේස් වොෂ් එකයි.
ග්‍රීන්‌ ‌ටී‌ ‌වල තියෙනවා පොලිෆිනොල්‌ ‌ප්‍රතිඔක්සිකාරකය කියලා ‌හරි‌ ‌අපූරු ‌විශ්මයජනක‌ ‌ඖෂධයක්.‌ ‌ඔබේ සමේ මතු වන ‌වයස්ගත‌ ‌වීමේ‌ ‌ලක්ෂණ‌ ‌පාලනය‌ කරලා, ඔබේ සම තරුණ පෙනුමින් ජ්වලිත කරවන්න මේ ප්‍රතිඔක්සිකාරකයට පුළුවන්. 



Best Sellers